2021 නව වසරට ලෝ වැසි සියල්ලෝම පා තබන්නේ අභියෝග රැසක් මැදය.  covid 19  සමස්ථ මානව වර්ගයාම අභියෝගයට ලක් කරමින් සිටින මොහොතකය. එහෙත් අප කිසිවිටෙක අධෛරමත් විය යුතු නැත. අප සිටින මේ මොහොත තෙක් මානවයා ගමන් කලේ අභියෝග රැසක් මැදය.  2020 වසර අප පසු කලේ අසීරුවෙනි. අප සියල්ලන්ම එක් තැනක නතරවී ඇතැයි විටෙක සිතෙන තරමටම සෙමින් අසීරුවෙන් අප 2020 පසු කල බව සැබෑය. ඒ සියලු අසීරුතා අනාගත ජයග්රහණයට ශක්තිමත් අඩිතාලමක් කර ගැනීමට අපට නිතැතින්ම හැකිවනු ඇත. 

2021 නව වසරේ අප සියල්ලන්ගේම පැතුම විය යුත්තේ ''ලොවම සුවපත් වන නව වසරක් වේවා '' යනුවෙනි. මන්ද සියලු සැපයන්ට වඩා නිරෝගිකම උතුම්ම සැපය වන බැවිනි. ඉතින් ඔබ සැමට නිරෝගිමත්, සුවපත් නව වසරක්  



Comments

Popular posts from this blog

රිද්දියාගය ශාන්තිකර්මය සහ සමාජ සන්නිවේදනය

ගුරු ගෙදර තුළ සුරැකි දේශීය නර්තනය

ශ්‍රි ලංකාවේ දේව සංකල්පයේ ආරම්භය හා විකාශනය