Posts

නිදන කාමරයටත් එන ජඩ මාධ්‍ය

Image
     සිව්වන ආණ්ඩුව නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වන කුළුණ  ලෙස මාධ්‍ය හඳුන්වන්නේ මාධ්‍ය එතරම්ම බලවත් මෙන්ම සමාජ වගකීමෙන් යුතු සන්දර්භයක් නිසාය. එහෙත් මෙම ප්‍රකාශය තවදුරටත් ශ්‍රි ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් කොතරම් වලංගුවේද යන්න අපැහැදිලිය. මෑත කාලීනව මාධ්‍ය දැක්වු වගකීම් විරහිත හැසීරිම් එයට හේතුවයි.      ඕනෑම මොහොතක ඕනෑම පුද්ගලයෙකුට මාධ්‍ය වාර් තාකරුවන්  ගෙන්වා ඕනෑම දෙයක් කියන්නටත් එය මාධ්‍යයක ප්‍රචාරය කරවා ගන්නටත් හැකියාව ලැබෙන තත්වයට ලංකාව දියුණු වී ඇත. එහෙත් එයින් සමාජයට සිදුවන්නේ යහපත් ප්‍රතිඵලයන්ට වඩා අයහපත්  ප්‍රතිඵලයන්ය.       2022.12.23 දින  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක හා තවත් කාන්තාවක විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සුනඛයෙකු සමඟ ලිංගිකව හැසිරෙණ බවට චෝදනා කරමින් මාධ්‍ය හමුවක් පැවැත් විය. එම චෝදනාව එදින ප්‍රමුඛ පුවතක් බවට පත් වූවා පමණක් නොව සුනඛයෙකු සමඟ මිනිසෙකු ලිංගික කාර්යයයේ යෙදීම ජාතික ගැටලුවක් බවට පත් විය.මෙය සත්වයෙකු හා මානවයෙකු ලිංගිකව එක්වූ ප්‍රථම අවස්ථාව නම් එය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ...

දේශීය නර්තනයේ අධ්‍යාපනික සංවර්ධනය හා ව්‍යාවහාරය

Image
      ජන විඥානය, සිතුම් පැතුම්, සමාජ ආකල්ප, සංස්කෘතික, ආර්ථික, දේශපාලන ප‍්‍රපංචයන් හි කාලානුරූප වෙනස් වීම සමස්ථ සමාජය කෙරෙහි විවිධ බලපෑම් එල්ල කරනු ලැබීය. මෙය දේශීය අධ්‍යාපනය සම්බන්ධව ද ඇති වූ පොදු තත්වයකි. කාලාන්තරයක් තිස්සේ මෙරට තුළ පැවති අධ්‍යාපන ක‍්‍රමවේදයන් හි සිදු වූ වෙනස්කම් සමඟ පරම්පරා ගණනාවක් තිස්සේ පැවති නර්තන අධ්‍යාපනයෙහි ද විශාල වෙනස්කම් රැසක් සිදු විය. එලෙස ඇති වූ වෙනස්කම් දේශීය නර්තනයේ පැවැත්මට, ප‍්‍රගමනයට මෙන්ම නර්තනය හා බැඳී තිබු සද්පරමාර්ථ කෙරෙහි අහිතරකර බලපෑම් ද ඇති කිරීමට සමත්විය.   ගුරු ගෘහීය නර්තන අධ්‍යාපන ක‍්‍රමය කාලානුරූපව බිඳ වැටීමත් සමඟ  නර්තන අධ්‍යාපනයේ විශාල වෙනස්කම් රැසක් ඇති විය. විශේෂයෙන් ම අවිධිමත් අධ්‍යාපන ලක්ෂණ පෙන්නුම් කරමින් පැවත ආ, විවිධ වෙනස්කම් සහිතව පුළුල්  පරාසයක විසිරි පැවති දේශීය නර්තනයේ සුවිසල් දැනුම් සම්භාරය ප‍්‍රමිතිගත විධිමත් විෂය මාලාවන් සහිතව අධ්‍යාපන පද්ධතියට එක් වීම ක‍්‍රමයෙන් සිදු විය. එය අධ්‍යාපනික වශයෙන් ඇති වූ සාධනීය තත්වයකි.       නර්තන පරම්පරාවන් සතුව පැවති නර්තන දැනුම බොහෝ සෙය...

ගුරු ගෙදර තුළ සුරැකි දේශීය නර්තනය

Image
     දේශීය නර්තන සම්ප‍්‍රදායයන් වන උඩරට,පහතරට හා සබරගමු නර්තන සම්ප‍්‍රදායත‍්‍රය පිළිබඳ අධ්‍යයනයේ දී ඒවා අතීතයේ සිට වර්තමානය දක්වා අධ්‍යාපනික වශයෙන් ව්‍යාහාර වූ ආකාරය, එහි දී නර්තන සම්ප‍්‍රදායයන් හි සිදු වූ වෙනස්කම් ආදී බොහෝ කරුණු කාරණාවන් පිළිබඳව අවබෝධ කර ගත හැකිවේ.  වත්මන් අධ්‍යාපන පද්ධතිය තුළට නර්තන විෂය අන්තර්ගත වීමට පෙර දේශීය නර්තනයේ අධ්‍යාපනික ව්‍යාවහාරය පිළිබඳව මෙහිදී අධ්‍යයනය කෙරේ.       උඩරට,පහතරට හා සබරගමු යන දේශීය නර්තන සම්ප‍්‍රදායත‍්‍රයේ අධ්‍යාපනික ව්‍යාවහාරය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන මූලිකම කරුණක් වන්නේ ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය පදනම් කර ගනිමින් මුල් කාලීනව අධ්‍යාපනිකව ව්‍යාවහාර වූ දේශීය නර්තනය පසුකාලීනව සමාජය තුළ සිදු වූ වෙනස්කම් වලට අනූරූප වෙමින් වත්මනේ පවතින අධ්‍යාපනික ව්‍යාවහාරය දක්වා වෙනස් වෙමින් පැමිණ ඇති බවය. මෙහි දී ගුරු ගෘහීය අධ්‍යාපනය යන්නෙන් අදහස් කරනු ලබන්නේ කිසියම් ශිල්ප ශාස්ත‍්‍රයක් ගුරුවරයාගේ නිවසේ සිට ඉගෙන ගැනීම හා ඉගැන්වීම යන්නයි. ප‍්‍රාග් බෞද්ධ යුගයේ ප‍්‍රභවය ලැබූ පාරම්පරික නර්තන සම්ප‍්‍රදායය හා බැඳී...

රිද්දියාගය ශාන්තිකර්මය සහ සමාජ සන්නිවේදනය

Image
     දේශිය සංස්කෘතිකාංගයන් තුළ අන්තර්ගත සුවිශේෂි අංගයක් ලෙස ශාන්තිකර්ම පද්ධතිය හැඳින්විය හැකිය. එක් අතකට දේශිය නර්තන සම්ප‍්‍රදායයන් හි තිඹිරිගෙය වන්නේද මෙම ශාන්තිකර්මයන්ය. සුවිශේෂි හෙළ කලාංගයක් ලෙස ශාන්තිකර්ම තුළ සමාජ, සංස්කෘතිමය, කලාත්මක වටිනාකම් රාශියක් දක්නට ලැබේ. ඒවා පිළිබඳ අප නිසි ඇගයීමකින් යුතුද යන්න ප‍්‍රශ්නාර්ථයකි.      අධ්‍යතනයේ දී බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේද මුල් කර ගනිමින් දිවි ගෙවීමට හුරුව තිබුණ ද අතීත සමාජය තුළ පාරම්පරිකව පැවති ආ අධ්‍යාපන, විද්‍යාත්මක, සෞඛ්‍ය, සංස්කෘතික ආදී ලෙසට අපටම ආවේණික වූ වටිනාකම්, දැනුම් පද්ධතියක් තිබිණ. නමුත් සමාජය හා සංස්කෘතිය  තුළ කාලානුරූපව සිදු වූ වෙනස්කම් සම`ග එම හර පද්ධතින් වෙනුවට වෙනත් ක‍්‍රම ශිල්ප කෙරෙහි සමාජය යොමු විය. විශේෂයෙන්ම බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේද මත යැපීමට අප හුරු පුරුදු විය.       වත්මනේ දී හුදු කලා, සංස්කෘතිකාංගයක වටිනාකම පමණක් ශාන්තිකර්ම සම්බන්ධයෙන් ඉතිරිව තිබුණ ද අතීතයේ දී ශාන්තිකර්මයක් වටා වටිනාකම් රාශියක් ගොනු වී තිබිණි. මිනිසා කෙරෙහි වැළදෙන්නා වූ කායික මානසික පීඩාවන්, ව...

එහෙම මරන්න පුලුවන්ද ?

Image
  සීසර් මට ඇලුම් කළ නිසා මම ඔහු වෙනුවෙන් වැලපෙමි. ඔහු වාසනාවන්ත වූ නිසා මම සන්තෝෂ වෙමි. ඔහු වීරයකු වූ නිසා මම ඔහුට ගරු කරමි. නමුත් ඔහු රජ වන්නට තැත්කල නිසා මම ඔහු මරා දැම්මෙමි. මෙම සටහන පසුගිය දිනක සමාජ මාධ්‍යයේ කවුරුන් හෝ පල කර තිබී මගෙ ඇස ගැටිණි . එහි තිබූ අශ්වාදනීයත්වය නිසාම  මේ සටහන ලියමි.  ලෝක ඉතිහාසයේ  සිදු වූ  දේශපාලන ඝාතන පිළිබඳ  අප අසා ඇති අතරම එවැනි සිදුවීම් අලලා බිහිවූ නිර්මාණ ද ඕනෑ තරම් තිබේ. ඒ අතරින් ඝාතකයා උත්තුංග චරිතයක් බවට පත් කල ජුලියස් සීසර් නාට්‍ය විලියම් ශේක්ස්පියර් නම් වූ ශ්‍රේෂ්ට නාට්‍යකරුවා අතින් බිහි වූ අග්‍රගණ්‍ය කලා කෘතියකි. දේශපාලන ඝාතනයක් සාධාරණිකරණය කිරීමත් ඝාතකයා උත්කෘෂ්ට ලෙස සැලකීමත් කොතරම් දුරට උචිතදැයි ඔබට සිතෙන්නට පුලුවනි. නමුත් ශේක්ස්පියර් නාට්‍ය රචනා කලේ ජීවත්වන්නවුන් සදහාය. ඝාතනය සිදු වී හමාරය. නමුත් ජීවත්වන්නවුන් ඒ දෙස බැලිය යුත්තේ කෙසේද? ඔහුගේ අභිප්‍රාය  එය විය.  සීසර් නාට්‍ය තුළින් මනුෂ්‍යයකු සතුව පැවතියහැකි  යහගුණ මෙන්ම දුර්ගුණ  ද හුවා දක්වමින් එකී ගුණාංග පුද්ගලයන්ගේ දුර්භාග්‍යට හේතුවන ආකාරය...

අපිට මොනවහරි ඕනා..

Image
ඒ කාලේ අපේ සීයලා ආච්චිලාගෙන්  අපි කතන්දර විදිහට  අහල තිබුණා  මේ ලෝකේ විනාශ වෙනව කියල ඊටත් පස්සේ ඕක මිනිස්සු අතරත් අවා...2000 වෙනව කිවුවා..2012 වෙනව කිව්වා..2020 වෙනව කිව්වා..මට හිතෙනව අපේ මිනිස්සු කනස්සල්ලෙන් හිටියෙ කිව්ව දේවල් සිද්ධ නොවිච්ච එකට. අපි කොහොමත් ඒවා බලාපොරොත්තුවෙන් හිටියෙ. මුහුද ගොඩ ගලනකොට අපේ ඉතිහාස කතා ගැන අපි පුදුම වුණා.ඒ වෙලාවේ දුක් වුණාට අත්දැකීම නොවිදපු මිනිස්සු අපේ පැත්ත බේරුනා කියලා උදම් ඇනුවා.රටේ යුද්ධය ඉවර වෙනකම් බලන් හිටපු මිනිස්සු කාලෙකට පස්සේ යුද්ධය ඉවර උන එක ගැන දුකෙන් හිටියේ. Dr. සාෆිගේ සැත්කම් වද සැත්කම්ම වෙන්න කියලා මිනිස්සු ප්‍රාර්ථනා කෙරුවා.මොකද සැත්කම් ගොඩේ අපේ කවුරුත් නැති නිසා වගේම ඒකෙන් මිනිස්සු ඇවිසෙනව බලන්න සතුටු හින්දා .ප්ලාස්ටික් හාල් කතාවෙදී හාල් ප්ලාස්ටික් නොවිච්ච එක ගැන අපි හිටියේ කනස්සල්ලෙන් . මම හිතන්නේ අපිට පවතින්න මොනවහරි ඕනා.සතියකට මොකක්ම හරි දෙයක් අපි හිට් කරගන්නේ ඒකයි… ගිලිච්ච නැවක් හරි, අඩුම තරමේ birthday party එකක් හරී ඕනා. කොරෝනා වලදිත් එහෙම්මයි.පළවෙනි රැල්ලට බය වුණාට දෙවෙනි එකේදී අපි වැඩේ අත ඇරියා.(ආන්ඩුව ගැන නෙවෙ...

වසංගත සමයක ජන මාධ්‍ය ආචාරධර්ම හා වගකීම

Image
     ආචාරධර්ම යනු පොදු සමාජයක ජීිවත්විමේ දී, යම් වෘත්තියක නියැලීමේ දී අප ආරක්ෂා කළ යුතු යහ ගුණ ධර්මයන් ය. ආචාරධර්ම කඩ කිරීමෙන් යමෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු නොවිය හැකිය. නමුත් යපහත් සමාජයක පැවැත්මට එහි මිනිසුන් කොතරම් ආචාරධර්මානකූල වන්නේ ද යන කාරණය බෙහවින් වැදගත් වේ.      සංස්කෘතික වශයෙන් ශිෂ්ටත්වයට පත් වූ සෑම සමාජයක් තුළම ආචාරධර්ම දක්නට ලැබේ. ගෝත්‍රික මිනිසා ක්‍රමයෙන් ශිෂ්ට සම්පන්න යුගයකට පිවිසෙන්නේ මේ මානව ආචාරධර්ම තුළින් ඔහුව මෙහෙයවනු ලැබූ නිසාය. ආචාරධර්ම යනු දර්ශන විෂය තුළ සමාජ ක්‍රියා, සමාජ අන්තර් ක්‍රියා සහ මානසික සාධක පදනම් කොටගෙන පෝෂණය වන ගැඹුරු විෂයකි. ආචාරධර්ම තුළින් පොදු සමාජ ජීවියෙකු ලෙස අනුල්ලංඝනීය කළ යුතු සමාජ සම්මතයන් පිළිබඳව අවධානය යොමු කොට ඇත. විද්වත් අවධානය මේ කෙරෙහි වඩාත් යොමු වී ඇත්තේ එහි ඇති වැදගත්කම නිසාවෙනි. ආචාරධර්ම යනු අපගේ මානුෂීය අත්දැකීම් වල පරම වටිනාකම් අතරින් එකක් පිළිබඳව අධ්‍යයනය කරනු ලබන්නකි. එනම් මනුෂ්‍යයා තුළ පවතින සාධුත්වය ක්‍රියා කිරීම නම් අංශය තුළින් පිළිඹිබු කෙරෙන්නේ මේ අධ්‍යයනයන් ය. -ආචාර්ය ජොන් මැනෝසි- ආචාරධර්ම සදාචා...