Posts

Showing posts with the label Arts

දේශීය නර්තනයේ අධ්‍යාපනික සංවර්ධනය හා ව්‍යාවහාරය

Image
      ජන විඥානය, සිතුම් පැතුම්, සමාජ ආකල්ප, සංස්කෘතික, ආර්ථික, දේශපාලන ප‍්‍රපංචයන් හි කාලානුරූප වෙනස් වීම සමස්ථ සමාජය කෙරෙහි විවිධ බලපෑම් එල්ල කරනු ලැබීය. මෙය දේශීය අධ්‍යාපනය සම්බන්ධව ද ඇති වූ පොදු තත්වයකි. කාලාන්තරයක් තිස්සේ මෙරට තුළ පැවති අධ්‍යාපන ක‍්‍රමවේදයන් හි සිදු වූ වෙනස්කම් සමඟ පරම්පරා ගණනාවක් තිස්සේ පැවති නර්තන අධ්‍යාපනයෙහි ද විශාල වෙනස්කම් රැසක් සිදු විය. එලෙස ඇති වූ වෙනස්කම් දේශීය නර්තනයේ පැවැත්මට, ප‍්‍රගමනයට මෙන්ම නර්තනය හා බැඳී තිබු සද්පරමාර්ථ කෙරෙහි අහිතරකර බලපෑම් ද ඇති කිරීමට සමත්විය.   ගුරු ගෘහීය නර්තන අධ්‍යාපන ක‍්‍රමය කාලානුරූපව බිඳ වැටීමත් සමඟ  නර්තන අධ්‍යාපනයේ විශාල වෙනස්කම් රැසක් ඇති විය. විශේෂයෙන් ම අවිධිමත් අධ්‍යාපන ලක්ෂණ පෙන්නුම් කරමින් පැවත ආ, විවිධ වෙනස්කම් සහිතව පුළුල්  පරාසයක විසිරි පැවති දේශීය නර්තනයේ සුවිසල් දැනුම් සම්භාරය ප‍්‍රමිතිගත විධිමත් විෂය මාලාවන් සහිතව අධ්‍යාපන පද්ධතියට එක් වීම ක‍්‍රමයෙන් සිදු විය. එය අධ්‍යාපනික වශයෙන් ඇති වූ සාධනීය තත්වයකි.       නර්තන පරම්පරාවන් සතුව පැවති නර්තන දැනුම බොහෝ සෙය...

ජීවිතය දුටු මළගිය ඇත්තෝ

Image
මහාචාර්ය එදිරිවීර සරචිචන්ද්‍රයන් විසින් විරචිත මළගිය ඇත්තෝ නවකතාව වූ කලී සිංහල නවකතා සාහිත්‍යය නමැති මුතුවැලෙහි අගනා මුතුවක් වැන්න.එසේම මළගිය ඇත්තෝ නවකතාව ඔහුගේ සහජ කවීත්වයට මෙන්ම අපූර්ව පරිකල්පන හැකියාවටද කදිම නිදසුනකි. සරච්චන්ද්‍රයන් කතාව ආරම්භයේදීම තම තාව්‍යාත්මක භාෂා ශෛලිය උපයුක්ත කොට ගනිමින් ජීවිතය පිළිබඳ දාර්ශනික චින්තාවක් ද පළ කරමින් පුවේශ වේ. .. . ..ජීවිතය වියා හමාර කළ නොහැකි ව,එතැනින් මෙතනින් එල්ලෙන පත් ඉරු වලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කැබැල්ලකට සමානය. සැබවින්ම ජීවිතය යනු එයම නොවන්නෙහිද? කතාව විකාසනය වන්නේ අතීතාවර්ජනයක් ලෙසිනි.මළගිය ඇත්තෝ නවකතාව සඳහා සරත්චන්ද්‍රයෝ  වස්තු විෂය කරගනුයේ,දෙවොංදරා සං නමැති සිවුරු හළ චිත්‍ර ශිල්පියකු ලී කැටයම් කලාව උගෙනීම පිණිස ජපානයට ගිය කළ එහි විසූ නොරිකො සං නමැති තරුණය හා අතර ඇති කරගන්නා ප්‍රේම සබඳතාවත්,ඔවුන් අතර ඇති සංස්කෘතික ඝට්ටනය හේතුවෙන් දෙවොංදරා සං තුළ ඇති වන චෛතසික ඝට්ටනයයි. කතාව විකාසනය වනුයේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙනි. කැටයම් කලාව ඉගෙනීම සඳහා ජපානයට යන දෙවොංදරා සං ජපානයේ සෞන්දර්යෙන් වශීකෘතවෙයි.දෙවුන්දරා සං තුළ ඇති වූ මන...

මහගම සේකර නම් වූ 'මහා දාර්ශනිකයා'

Image
 'මහා දාර්ශනික' මහගම සේකරයන් මෙලොවින් සමුගෙන අදට  45 වසරකි . මෙම ලිපිය ඒ නිමිත්තෙනි 

සුමනෝ (ගීතයක් හා බැඳුණු කතාවක්)

Image
මේ කියන්න යන කතාව මීට දශක කිහිපයකට පෙර සිදු වුණු එකක්.. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ට ආසන්න කොහේ හෝ ගමක. හරියට ම ඒ ගමේ නම කියන්න නම් මා දන්නේ නැහැ. මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා ගුරුවරයෙක් ජීවත් වෙනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කියලා කිව්වට ඔහු ගමේ අය අතරේ වඩාත් ජනප්‍රිය වෙන්නේ ගමේ වෙදරාල, එහෙමත් නැතිනම් ගමේ ආයුර්වේද වෛද්‍යවරයා විදියට. මේ වෙදරාලට. බොහොම ලස්සනට කවි, ගීත ලියන්න සමත් පුතෙක් ඉන්නවා. ඔහුව අපි රං බණ්ඩා කියලා හඳුන්වමු.  වියළි කලාපයේ දුෂ්කර ගමක ජීවත් වුණත් මේ තරුණයා, ඉගෙන ගන්න බොහොම දක්ෂයි. ඒ හින්දා ම, උසස් පෙළ විභාගය ඉතා හොඳින්සමත් වෙලා, නීති පීඨයට ඇතුළත් වීමට ඔහු සුදුසුකම් ලබනවා. තමන්ගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගන්න, රන් බණ්ඩා තරුණයා ගමෙන් නික්මිලා කොළඹ එනවා.. තාරුණ්‍යය කියන්නේ, ජීවිතයේ සුන්දර ම අවධිය. තාරුණ්‍යයේ දොරකඩ හිටි රන් බණ්ඩා නම් කෙළිලොල් තරුණයාටත් ආදරයේ මිහිර දැනෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ පිට කෙනෙක් නෙවෙයි. ඔහුගේ ම ඇවැස්ස නෑනා.  පුංචි කාලයේ ඉඳන් ම එකට හැදුණු වැදුණු සුමනා ගැන ආදරයක් රන් බණ්ඩාගේ හිතේ මෝදු වුණේ ඔහුටත් නොදැනීම. ඇවැස්ස නෑනා මස්සි...

'මට බෑ හොරෙක් වෙන්න - මොකටද මම හොරෙක් වෙන්නෙ ?

Image
  බැහැපන් මහ පොළොවට මිනිසුන් මැද මිනිසෙක් වී ඉවත් කර හිතේ ඇති මෙලෙක් ගති පුරවපන් පලක් ඇති මිනිස් ගුන' 'අනු බඳු ගනු කොටව තල මර බලා නොසිටව, 'දෙවියනි මේ කියන්නේ......' 'කොහේ ඉන්න දෙවි කෙනෙක්ද ? දෙවියො තමයි අවිද් ‍ යාව දෙවියෙක් ඉන්නව නම් උඩු ගුවනේ උඹටත් පෙනෙන්නට ඇති මෙච්චර කල් උඹ හිටියෙත් උඩු ගුවනේ බැහැපන් මහ පොළොවට හොරකම්-ජාවාරම් පුරුදු වෙයන්' 'මට බෑ හොරෙක් වෙන්න මොකටද මම හොරෙක් වෙන්නෙ ? මා ළඟ ඇත කවියක් - ආදරයක් වටිනාකම නිම් හිම් නැති' 'මෝඩයා ! මහ පොළොවට ඕවා අවලංගුයි කවියේ වටිනාකම තුට්ටු දෙකයි ආදරයක් (මස් ලේ ඇති) සිලිං තුනයි...සිලිං පහයි...සිලිං හතයි... එක එක ගනන් වලට' 'මම කියන්නෙ ඒක නෙවෙයි හදවතින්.......' 'හදවතින් විතරක්ද ? එහෙනම් ගොනෝ ! ඒක අරිටත් වැඩියෙන් ලාබයි මේ බලපන් ලෝකය....' "හෙට ඉරක් පායයි" -මහගමසේකර-