එක රටක් - එක නීතියක් කියන්නේ මොකක්ද ?

 ''එක රටක් - එක නීතියක්'' පසුගිය කාලයේ මෙරට සමාජය තුළ දේශපාලන පොරොන්දුවක් බවට පත්වූ එහෙත් තවමත් යථාර්ථයක් නොවුණු, මිනිසුන්ගේ අපේක්ෂාවකි.

රටක්, සමාජයක්, මිනිස් ප්‍රජාවක් පාලනය කරනු ලැබීම සදහා උපකාරී වන්නේ නීතියයි. රටක මුලික නිතිය ව්‍යවස්ථාව ලෙස දැක්විය හැකිය. නිතිය යන්න විවිධාකාරයෙන් විවරණයට විචාරයට බදුන් වූ මාතෘකාවකි.


“නීතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ඵලය වේ.” - ග්‍රීක මහා දාර්ශණික ඇරිස්ටොටල්

“නීතිය යනු ස්වාධ්පතිගේ ආඥාවයි “  - ජොන් මස්ටින්

“නීතිය යනු ප්‍රජා විමක උපකරණයකි ”  - කාල් මාක්ස්


නිතිය යනු එක් රැයකින් බිහි වුවක් නොව දිගු ඉතිහාසයක් තුළ සිදු වූ ක්‍රමික විකාශනයක ප්‍රතිපලයකි. නිතිය ඉදිරියේ සියල්ලෝම එක සමානයන්ය යනු අප රටේ ව්‍යවස්ථාව තුළින්ම තහවුරු කොට ඇති අයිතිවාසිකමකි. එනම් දුප්පත්  - පෝසත්, කළු - සුදු, ජාති - ආගම්, දේශපාලන  මේ කිසිදු බේදයකින් තොරව නිතිය ඉදිරියේ  සියලු දෙනාම සමානයන් බවට පත් විය යුතුය. 


නිතිය සැමට සමානද ?


  • කුසගින්නට  අඹ ගෙඩි කිහිපයක් කැඩූ මවකගේ කතාව ඔබට අමතක විය නොහැක 
  • පාසැලේ තීන්ත ගෑමට මුදල් ලබා දීමට පොල්ගෙඩි කිහිපයක් සොරකම් කළ දරුවකුගේ පුවත ඔබට මතක ඇත 
  • රාජ්‍ය ආයතන වලින් බිලියන ගණනින් මුදල් සොරාගත් අය පිළිබද ඕන තරම් පුවත් ඔබ අසා ඇත.
  • තාත්තා කල වරදට පුතා අත්අඩංගුවට ගත් අවස්ථා පිලිබදව මෙන්ම වැරදි කල ප්‍රභලයෝ අත්අඩංගුවට ගැනීමට දින සති ගණන් ගත වූ අවස්ථාද ඔබ අසා ඇතුවාට සැක නැත.


මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත්වූ සහ රටේ අවධානයට පත්වූ සිදුවීම් කිහිපයක් සැකෙවින් ඔබට මතක් කලා පමණි. මේ හැර නිතිය ඉදිරියේ ඔබ අසරණ වී ඇති අවස්ථා ඔබ දන්නා අයට සිදු වූ අසාධාරණකම් ඔබ පමණටත් වඩා දන්නවා ඇත. 


එක රටක් - එක නීතියක් ?


එක රටකට පැවතිය යුත්තේ එක නීතියකි. එය අතිශය යුක්ති සහගතය. එවන් රටක ජිවත් වන්නට ලැබීම පුරවැසියෙකුගේ අයිතියකි. එහෙත් එය මැතිවරණ වේදිකාවක තවත් ජන්ද පොරොන්දුවක් බවට පත්වන තෙක් නිතිය කුණු වීම කෙතරම් අභාග්‍යක්ද, ඔවු ඔබ මා  ජිවත් වන්නේ එවැනි රටකය. 

එක රටක් - එක නීතියක් නැවත කරලියට පැමිණ ඇත. ඒ කොරෝනා දෙවැනි රැල්ලේ අනුහසිනි. කොරෝනා මරණ ආදාහනයද - භුමිදානයද යන උභතෝකෝටිකය ඉදිරියේ එක නීතියක් මතක් වී ඇත. ආදාහනයද - භුමිදානයද  යන්න වෙනම කතා කල යුත්තකි. එහෙත් එක රටක් - එක නීතියක් යන්නෙන් වෙනත් ජාතියක් ඉලක්ක කළ යුතු යැයි අප තව දුරටත් සිතන්නේ නම් නිතිය කවරදකාවක් සමාන වන්නේ නැත.


ඔවුන් හෙටත් මිනි මරනු ඇත 
සොරකම් කරනු ඇත 
වංචා කරනු ඇත 

සංවාදයට ඇරයුම් 

Comments

Post a Comment

Popular posts from this blog

රිද්දියාගය ශාන්තිකර්මය සහ සමාජ සන්නිවේදනය

ගුරු ගෙදර තුළ සුරැකි දේශීය නර්තනය

ශ්‍රි ලංකාවේ දේව සංකල්පයේ ආරම්භය හා විකාශනය