නිදන කාමරයටත් එන ජඩ මාධ්ය
ඕනෑම මොහොතක ඕනෑම පුද්ගලයෙකුට මාධ්ය වාර් තාකරුවන් ගෙන්වා ඕනෑම දෙයක් කියන්නටත් එය මාධ්යයක ප්රචාරය කරවා ගන්නටත් හැකියාව ලැබෙන තත්වයට ලංකාව දියුණු වී ඇත. එහෙත් එයින් සමාජයට සිදුවන්නේ යහපත් ප්රතිඵලයන්ට වඩා අයහපත් ප්රතිඵලයන්ය.
2022.12.23 දින හිටපු පාර්ලිමේන්තු මන්ත්රිවරියක හා තවත් කාන්තාවක විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකු සුනඛයෙකු සමඟ ලිංගිකව හැසිරෙණ බවට චෝදනා කරමින් මාධ්ය හමුවක් පැවැත් විය. එම චෝදනාව එදින ප්රමුඛ පුවතක් බවට පත් වූවා පමණක් නොව සුනඛයෙකු සමඟ මිනිසෙකු ලිංගික කාර්යයයේ යෙදීම ජාතික ගැටලුවක් බවට පත් විය.මෙය සත්වයෙකු හා මානවයෙකු ලිංගිකව එක්වූ ප්රථම අවස්ථාව නම් එය ප්රධාන ධාරාවේ මාධ්යවල පුවතක් වීම සාධාරණිකරණය කළ හැකිය.
අප රටේ අධිකරණ පද්ධතිය තුළට සතුන් සමඟ ලිංගිකය හැසිරීම් සම්බන්ධ නඩුකටයුතු අරුමයක් නොවේ. මෙවැනි අවස්ථාවන් සම්බන්ධව නීතිමය ප්රතිපාදනද දණ්ඩ නීති සංග්රය තුළ දක්වා ඇත.
365 වගන්තිය
යම් පුරුෂයෙකු, ස්ත්රියක හො සතෙකු සමඟ ස්වාභාව ධර්මයට විරුද්ධව, කැමැත්තෙන් ම කාමුක සංසර්ගයේ යෙදෙන තැනැත්තෙකුට අවුරුදු 10 දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම්කළ යුතුය. ඔහු දඩයකටද යටත් විය යුතුය.
පැහැදිලි කිරීම -
මේ වගන්තියේ විස්තර කරනු ලැබූ වරදට අවශ්ය වූ කාමුක සංසර්ගය ඇති කිරීමට ප්රවේශ කිරීමද ප්රමාණවත් වේ.
එවන් පසුබිමක අදාල මන්ත්රිවරයාගේ ලිංගික හැසිරිම් චෝදනාව පුවතක් විය. පෙම්වතුන්ගේ විරසකයක් නිසා හෝ දේශපාලන පලිගැනීමක් නිසා හෝ සත්ය වශයෙන්ම එවැන්නක් සිදු වු නිසා හෝ පැවැත්වූ මාධ්ය හමුවක කළ බලු නොවටිනා සිදුවීමක් ප්රවෘත්තියක් කළේ අවම මාධ්ය ආචාරධර්ම, සමාජ වගකීම් හෝ සදාචාරය පිළිබඳව ඇති නොවටිනාකම හෝ නොදැනුවත්කමදැයි දන්නේ එම මාධ්ය ආයතන පමණි.
කෙසේ නමුත් ජනතා දේපල වන සංඛ්යාත භාවිතා කරමින් ජන විඥානය විකෘති කරමින් එට අගාධයට ගෙන යාම මාධ්ය සිය ප්රථම රාජකාරිය කර ගෙන ඇති බව සැබෑය. විටෙකදී ගංගා දෙබෑකරමින් නයි නටවන්නේ ද, වඳ සැත්කම් නාටක පෙන්වන්නේ ද, කොරෝනාවලට පැණි පොවන්නේද නොදැනුවත්කම නිසා නොව සමාජයද කුණු ගොඩක් බවට පත් කරමින් අගාධයේ පතුලටම මාධ්යය ගමන් කරමින් සිටින නිසාය.
මාධ්යක ප්රවෘත්ති වාර් තාකරණය යනු හුදෙක්ම සිදුවීම් හෝ පුද්ගල අදහස් සමුහයක් ජනතාවට ඉදිරිපත් කිරීම නොවේ. යම් සිදුවීමක් ප්රවෘත්තියක් වීම සඳහා හේතු කාරණාවන් කිහිපයක් බලපානු ලබයි. එනම්,
කාලීන බව
සමීප බව
අදාළ බව
නැවුම් බව
බලපෑම සහ ආකර්ෂණය
කැපී පෙනීම යන කරුණු මූලික වේ,
ඊට අමතරව
අසාමාන්ය තොරතුරු
ගැටුම්කාරි තොරතුරු
සංවර්ධන තොරතුරු
රාජ්ය තොරතුරු
ස්වාභාවික තොරතුර,
ගැබ්ව ඇති සිදුවීම් සඳහා ද ප්රවෘත්තිමය වටිනාකමක් හිමි වේ.
ප්රවෘත්ති අන්තර්ගතය තුළ තිබෙන්නා වූ ගුණාත්මකභාවය ග්රාහකයන් තුළ විශ්වාසය තහවුරු කිරීමේ දී ඉතාමත්ම වැදගත් වේ. ප්රවෘත්තියක ගුණාත්මකභාවය කෙරෙහි ප්රධාන කරුණු හතරක් බලපානු ලබයි. එනම්,
විෂය අනුගත විම - Objectivily
නිවරැදිභාවය - accuracy
තුලනය - Balance
සාධාරණබව - fairness
යන ඒවාය. එහෙත් නිදන කාමරයක සිදුවීමක් පදනම් කරගනිමින් නිර්මාණය කළ මෙම පුවතට ඉහත සම්මතයන් හෝ නිර් නායකයන් අදාල නොවන බව ඉතා පැහැදිලිය. වත්මනේදී කුණු රසට හුරුවූ මාධ්යයට තම සමාජ වගකීම් යුතුකම් වෙනුවට තම ග්රාහක මනස විකාර රූපී දේවල් වලින් පුරවමින් තම ආයතන වල ජනප්රියත්වය වැඩි කර ගැනීම පමණක් අරමුණු වී තිබේ. සමාජය පුරා පැතිරෙන්නේ එවන් කුණු අරමුණු වල
දුගදය.
-දිනේෂ් ජයසිංහ-
සංවාදයට විවෘතය. ඔබේ අදහස් අපිට එවන්න. නැතිනම් පහතින් Comment කරන්න
#media #newssrilanka

Comments
Post a Comment