දේශීය නර්තනයේ අධ්යාපනික සංවර්ධනය හා ව්යාවහාරය
ජන විඥානය, සිතුම් පැතුම්, සමාජ ආකල්ප, සංස්කෘතික, ආර්ථික, දේශපාලන ප්රපංචයන් හි කාලානුරූප වෙනස් වීම සමස්ථ සමාජය කෙරෙහි විවිධ බලපෑම් එල්ල කරනු ලැබීය. මෙය දේශීය අධ්යාපනය සම්බන්ධව ද ඇති වූ පොදු තත්වයකි. කාලාන්තරයක් තිස්සේ මෙරට තුළ පැවති අධ්යාපන ක්රමවේදයන් හි සිදු වූ වෙනස්කම් සමඟ පරම්පරා ගණනාවක් තිස්සේ පැවති නර්තන අධ්යාපනයෙහි ද විශාල වෙනස්කම් රැසක් සිදු විය. එලෙස ඇති වූ වෙනස්කම් දේශීය නර්තනයේ පැවැත්මට, ප්රගමනයට මෙන්ම නර්තනය හා බැඳී තිබු සද්පරමාර්ථ කෙරෙහි අහිතරකර බලපෑම් ද ඇති කිරීමට සමත්විය. ගුරු ගෘහීය නර්තන අධ්යාපන ක්රමය කාලානුරූපව බිඳ වැටීමත් සමඟ නර්තන අධ්යාපනයේ විශාල වෙනස්කම් රැසක් ඇති විය. විශේෂයෙන් ම අවිධිමත් අධ්යාපන ලක්ෂණ පෙන්නුම් කරමින් පැවත ආ, විවිධ වෙනස්කම් සහිතව පුළුල් පරාසයක විසිරි පැවති දේශීය නර්තනයේ සුවිසල් දැනුම් සම්භාරය ප්රමිතිගත විධිමත් විෂය මාලාවන් සහිතව අධ්යාපන පද්ධතියට එක් වීම ක්රමයෙන් සිදු විය. එය අධ්යාපනික වශයෙන් ඇති වූ සාධනීය තත්වයකි. නර්තන පරම්පරාවන් සතුව පැවති නර්තන දැනුම බොහෝ සෙය...