ජීවිතය දුටු මළගිය ඇත්තෝ
මහාචාර්ය එදිරිවීර සරචිචන්ද්රයන් විසින් විරචිත මළගිය ඇත්තෝ නවකතාව වූ කලී සිංහල නවකතා සාහිත්යය නමැති මුතුවැලෙහි අගනා මුතුවක් වැන්න.එසේම මළගිය ඇත්තෝ නවකතාව ඔහුගේ සහජ කවීත්වයට මෙන්ම අපූර්ව පරිකල්පන හැකියාවටද කදිම නිදසුනකි. සරච්චන්ද්රයන් කතාව ආරම්භයේදීම තම තාව්යාත්මක භාෂා ශෛලිය උපයුක්ත කොට ගනිමින් ජීවිතය පිළිබඳ දාර්ශනික චින්තාවක් ද පළ කරමින් පුවේශ වේ. .. . ..ජීවිතය වියා හමාර කළ නොහැකි ව,එතැනින් මෙතනින් එල්ලෙන පත් ඉරු වලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කැබැල්ලකට සමානය. සැබවින්ම ජීවිතය යනු එයම නොවන්නෙහිද? කතාව විකාසනය වන්නේ අතීතාවර්ජනයක් ලෙසිනි.මළගිය ඇත්තෝ නවකතාව සඳහා සරත්චන්ද්රයෝ වස්තු විෂය කරගනුයේ,දෙවොංදරා සං නමැති සිවුරු හළ චිත්ර ශිල්පියකු ලී කැටයම් කලාව උගෙනීම පිණිස ජපානයට ගිය කළ එහි විසූ නොරිකො සං නමැති තරුණය හා අතර ඇති කරගන්නා ප්රේම සබඳතාවත්,ඔවුන් අතර ඇති සංස්කෘතික ඝට්ටනය හේතුවෙන් දෙවොංදරා සං තුළ ඇති වන චෛතසික ඝට්ටනයයි. කතාව විකාසනය වනුයේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙනි. කැටයම් කලාව ඉගෙනීම සඳහා ජපානයට යන දෙවොංදරා සං ජපානයේ සෞන්දර්යෙන් වශීකෘතවෙයි.දෙවුන්දරා සං තුළ ඇති වූ මන...