Posts

නිදන කාමරයටත් එන ජඩ මාධ්‍ය

Image
     සිව්වන ආණ්ඩුව නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වන කුළුණ  ලෙස මාධ්‍ය හඳුන්වන්නේ මාධ්‍ය එතරම්ම බලවත් මෙන්ම සමාජ වගකීමෙන් යුතු සන්දර්භයක් නිසාය. එහෙත් මෙම ප්‍රකාශය තවදුරටත් ශ්‍රි ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් කොතරම් වලංගුවේද යන්න අපැහැදිලිය. මෑත කාලීනව මාධ්‍ය දැක්වු වගකීම් විරහිත හැසීරිම් එයට හේතුවයි.      ඕනෑම මොහොතක ඕනෑම පුද්ගලයෙකුට මාධ්‍ය වාර් තාකරුවන්  ගෙන්වා ඕනෑම දෙයක් කියන්නටත් එය මාධ්‍යයක ප්‍රචාරය කරවා ගන්නටත් හැකියාව ලැබෙන තත්වයට ලංකාව දියුණු වී ඇත. එහෙත් එයින් සමාජයට සිදුවන්නේ යහපත් ප්‍රතිඵලයන්ට වඩා අයහපත්  ප්‍රතිඵලයන්ය.       2022.12.23 දින  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක හා තවත් කාන්තාවක විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සුනඛයෙකු සමඟ ලිංගිකව හැසිරෙණ බවට චෝදනා කරමින් මාධ්‍ය හමුවක් පැවැත් විය. එම චෝදනාව එදින ප්‍රමුඛ පුවතක් බවට පත් වූවා පමණක් නොව සුනඛයෙකු සමඟ මිනිසෙකු ලිංගික කාර්යයයේ යෙදීම ජාතික ගැටලුවක් බවට පත් විය.මෙය සත්වයෙකු හා මානවයෙකු ලිංගිකව එක්වූ ප්‍රථම අවස්ථාව නම් එය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ...

දේශීය නර්තනයේ අධ්‍යාපනික සංවර්ධනය හා ව්‍යාවහාරය

Image
      ජන විඥානය, සිතුම් පැතුම්, සමාජ ආකල්ප, සංස්කෘතික, ආර්ථික, දේශපාලන ප‍්‍රපංචයන් හි කාලානුරූප වෙනස් වීම සමස්ථ සමාජය කෙරෙහි විවිධ බලපෑම් එල්ල කරනු ලැබීය. මෙය දේශීය අධ්‍යාපනය සම්බන්ධව ද ඇති වූ පොදු තත්වයකි. කාලාන්තරයක් තිස්සේ මෙරට තුළ පැවති අධ්‍යාපන ක‍්‍රමවේදයන් හි සිදු වූ වෙනස්කම් සමඟ පරම්පරා ගණනාවක් තිස්සේ පැවති නර්තන අධ්‍යාපනයෙහි ද විශාල වෙනස්කම් රැසක් සිදු විය. එලෙස ඇති වූ වෙනස්කම් දේශීය නර්තනයේ පැවැත්මට, ප‍්‍රගමනයට මෙන්ම නර්තනය හා බැඳී තිබු සද්පරමාර්ථ කෙරෙහි අහිතරකර බලපෑම් ද ඇති කිරීමට සමත්විය.   ගුරු ගෘහීය නර්තන අධ්‍යාපන ක‍්‍රමය කාලානුරූපව බිඳ වැටීමත් සමඟ  නර්තන අධ්‍යාපනයේ විශාල වෙනස්කම් රැසක් ඇති විය. විශේෂයෙන් ම අවිධිමත් අධ්‍යාපන ලක්ෂණ පෙන්නුම් කරමින් පැවත ආ, විවිධ වෙනස්කම් සහිතව පුළුල්  පරාසයක විසිරි පැවති දේශීය නර්තනයේ සුවිසල් දැනුම් සම්භාරය ප‍්‍රමිතිගත විධිමත් විෂය මාලාවන් සහිතව අධ්‍යාපන පද්ධතියට එක් වීම ක‍්‍රමයෙන් සිදු විය. එය අධ්‍යාපනික වශයෙන් ඇති වූ සාධනීය තත්වයකි.       නර්තන පරම්පරාවන් සතුව පැවති නර්තන දැනුම බොහෝ සෙය...

ගුරු ගෙදර තුළ සුරැකි දේශීය නර්තනය

Image
     දේශීය නර්තන සම්ප‍්‍රදායයන් වන උඩරට,පහතරට හා සබරගමු නර්තන සම්ප‍්‍රදායත‍්‍රය පිළිබඳ අධ්‍යයනයේ දී ඒවා අතීතයේ සිට වර්තමානය දක්වා අධ්‍යාපනික වශයෙන් ව්‍යාහාර වූ ආකාරය, එහි දී නර්තන සම්ප‍්‍රදායයන් හි සිදු වූ වෙනස්කම් ආදී බොහෝ කරුණු කාරණාවන් පිළිබඳව අවබෝධ කර ගත හැකිවේ.  වත්මන් අධ්‍යාපන පද්ධතිය තුළට නර්තන විෂය අන්තර්ගත වීමට පෙර දේශීය නර්තනයේ අධ්‍යාපනික ව්‍යාවහාරය පිළිබඳව මෙහිදී අධ්‍යයනය කෙරේ.       උඩරට,පහතරට හා සබරගමු යන දේශීය නර්තන සම්ප‍්‍රදායත‍්‍රයේ අධ්‍යාපනික ව්‍යාවහාරය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන මූලිකම කරුණක් වන්නේ ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය පදනම් කර ගනිමින් මුල් කාලීනව අධ්‍යාපනිකව ව්‍යාවහාර වූ දේශීය නර්තනය පසුකාලීනව සමාජය තුළ සිදු වූ වෙනස්කම් වලට අනූරූප වෙමින් වත්මනේ පවතින අධ්‍යාපනික ව්‍යාවහාරය දක්වා වෙනස් වෙමින් පැමිණ ඇති බවය. මෙහි දී ගුරු ගෘහීය අධ්‍යාපනය යන්නෙන් අදහස් කරනු ලබන්නේ කිසියම් ශිල්ප ශාස්ත‍්‍රයක් ගුරුවරයාගේ නිවසේ සිට ඉගෙන ගැනීම හා ඉගැන්වීම යන්නයි. ප‍්‍රාග් බෞද්ධ යුගයේ ප‍්‍රභවය ලැබූ පාරම්පරික නර්තන සම්ප‍්‍රදායය හා බැඳී...

රිද්දියාගය ශාන්තිකර්මය සහ සමාජ සන්නිවේදනය

Image
     දේශිය සංස්කෘතිකාංගයන් තුළ අන්තර්ගත සුවිශේෂි අංගයක් ලෙස ශාන්තිකර්ම පද්ධතිය හැඳින්විය හැකිය. එක් අතකට දේශිය නර්තන සම්ප‍්‍රදායයන් හි තිඹිරිගෙය වන්නේද මෙම ශාන්තිකර්මයන්ය. සුවිශේෂි හෙළ කලාංගයක් ලෙස ශාන්තිකර්ම තුළ සමාජ, සංස්කෘතිමය, කලාත්මක වටිනාකම් රාශියක් දක්නට ලැබේ. ඒවා පිළිබඳ අප නිසි ඇගයීමකින් යුතුද යන්න ප‍්‍රශ්නාර්ථයකි.      අධ්‍යතනයේ දී බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේද මුල් කර ගනිමින් දිවි ගෙවීමට හුරුව තිබුණ ද අතීත සමාජය තුළ පාරම්පරිකව පැවති ආ අධ්‍යාපන, විද්‍යාත්මක, සෞඛ්‍ය, සංස්කෘතික ආදී ලෙසට අපටම ආවේණික වූ වටිනාකම්, දැනුම් පද්ධතියක් තිබිණ. නමුත් සමාජය හා සංස්කෘතිය  තුළ කාලානුරූපව සිදු වූ වෙනස්කම් සම`ග එම හර පද්ධතින් වෙනුවට වෙනත් ක‍්‍රම ශිල්ප කෙරෙහි සමාජය යොමු විය. විශේෂයෙන්ම බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේද මත යැපීමට අප හුරු පුරුදු විය.       වත්මනේ දී හුදු කලා, සංස්කෘතිකාංගයක වටිනාකම පමණක් ශාන්තිකර්ම සම්බන්ධයෙන් ඉතිරිව තිබුණ ද අතීතයේ දී ශාන්තිකර්මයක් වටා වටිනාකම් රාශියක් ගොනු වී තිබිණි. මිනිසා කෙරෙහි වැළදෙන්නා වූ කායික මානසික පීඩාවන්, ව...

එහෙම මරන්න පුලුවන්ද ?

Image
  සීසර් මට ඇලුම් කළ නිසා මම ඔහු වෙනුවෙන් වැලපෙමි. ඔහු වාසනාවන්ත වූ නිසා මම සන්තෝෂ වෙමි. ඔහු වීරයකු වූ නිසා මම ඔහුට ගරු කරමි. නමුත් ඔහු රජ වන්නට තැත්කල නිසා මම ඔහු මරා දැම්මෙමි. මෙම සටහන පසුගිය දිනක සමාජ මාධ්‍යයේ කවුරුන් හෝ පල කර තිබී මගෙ ඇස ගැටිණි . එහි තිබූ අශ්වාදනීයත්වය නිසාම  මේ සටහන ලියමි.  ලෝක ඉතිහාසයේ  සිදු වූ  දේශපාලන ඝාතන පිළිබඳ  අප අසා ඇති අතරම එවැනි සිදුවීම් අලලා බිහිවූ නිර්මාණ ද ඕනෑ තරම් තිබේ. ඒ අතරින් ඝාතකයා උත්තුංග චරිතයක් බවට පත් කල ජුලියස් සීසර් නාට්‍ය විලියම් ශේක්ස්පියර් නම් වූ ශ්‍රේෂ්ට නාට්‍යකරුවා අතින් බිහි වූ අග්‍රගණ්‍ය කලා කෘතියකි. දේශපාලන ඝාතනයක් සාධාරණිකරණය කිරීමත් ඝාතකයා උත්කෘෂ්ට ලෙස සැලකීමත් කොතරම් දුරට උචිතදැයි ඔබට සිතෙන්නට පුලුවනි. නමුත් ශේක්ස්පියර් නාට්‍ය රචනා කලේ ජීවත්වන්නවුන් සදහාය. ඝාතනය සිදු වී හමාරය. නමුත් ජීවත්වන්නවුන් ඒ දෙස බැලිය යුත්තේ කෙසේද? ඔහුගේ අභිප්‍රාය  එය විය.  සීසර් නාට්‍ය තුළින් මනුෂ්‍යයකු සතුව පැවතියහැකි  යහගුණ මෙන්ම දුර්ගුණ  ද හුවා දක්වමින් එකී ගුණාංග පුද්ගලයන්ගේ දුර්භාග්‍යට හේතුවන ආකාරය...

අපිට මොනවහරි ඕනා..

Image
ඒ කාලේ අපේ සීයලා ආච්චිලාගෙන්  අපි කතන්දර විදිහට  අහල තිබුණා  මේ ලෝකේ විනාශ වෙනව කියල ඊටත් පස්සේ ඕක මිනිස්සු අතරත් අවා...2000 වෙනව කිවුවා..2012 වෙනව කිව්වා..2020 වෙනව කිව්වා..මට හිතෙනව අපේ මිනිස්සු කනස්සල්ලෙන් හිටියෙ කිව්ව දේවල් සිද්ධ නොවිච්ච එකට. අපි කොහොමත් ඒවා බලාපොරොත්තුවෙන් හිටියෙ. මුහුද ගොඩ ගලනකොට අපේ ඉතිහාස කතා ගැන අපි පුදුම වුණා.ඒ වෙලාවේ දුක් වුණාට අත්දැකීම නොවිදපු මිනිස්සු අපේ පැත්ත බේරුනා කියලා උදම් ඇනුවා.රටේ යුද්ධය ඉවර වෙනකම් බලන් හිටපු මිනිස්සු කාලෙකට පස්සේ යුද්ධය ඉවර උන එක ගැන දුකෙන් හිටියේ. Dr. සාෆිගේ සැත්කම් වද සැත්කම්ම වෙන්න කියලා මිනිස්සු ප්‍රාර්ථනා කෙරුවා.මොකද සැත්කම් ගොඩේ අපේ කවුරුත් නැති නිසා වගේම ඒකෙන් මිනිස්සු ඇවිසෙනව බලන්න සතුටු හින්දා .ප්ලාස්ටික් හාල් කතාවෙදී හාල් ප්ලාස්ටික් නොවිච්ච එක ගැන අපි හිටියේ කනස්සල්ලෙන් . මම හිතන්නේ අපිට පවතින්න මොනවහරි ඕනා.සතියකට මොකක්ම හරි දෙයක් අපි හිට් කරගන්නේ ඒකයි… ගිලිච්ච නැවක් හරි, අඩුම තරමේ birthday party එකක් හරී ඕනා. කොරෝනා වලදිත් එහෙම්මයි.පළවෙනි රැල්ලට බය වුණාට දෙවෙනි එකේදී අපි වැඩේ අත ඇරියා.(ආන්ඩුව ගැන නෙවෙ...

වසංගත සමයක ජන මාධ්‍ය ආචාරධර්ම හා වගකීම

Image
     ආචාරධර්ම යනු පොදු සමාජයක ජීිවත්විමේ දී, යම් වෘත්තියක නියැලීමේ දී අප ආරක්ෂා කළ යුතු යහ ගුණ ධර්මයන් ය. ආචාරධර්ම කඩ කිරීමෙන් යමෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු නොවිය හැකිය. නමුත් යපහත් සමාජයක පැවැත්මට එහි මිනිසුන් කොතරම් ආචාරධර්මානකූල වන්නේ ද යන කාරණය බෙහවින් වැදගත් වේ.      සංස්කෘතික වශයෙන් ශිෂ්ටත්වයට පත් වූ සෑම සමාජයක් තුළම ආචාරධර්ම දක්නට ලැබේ. ගෝත්‍රික මිනිසා ක්‍රමයෙන් ශිෂ්ට සම්පන්න යුගයකට පිවිසෙන්නේ මේ මානව ආචාරධර්ම තුළින් ඔහුව මෙහෙයවනු ලැබූ නිසාය. ආචාරධර්ම යනු දර්ශන විෂය තුළ සමාජ ක්‍රියා, සමාජ අන්තර් ක්‍රියා සහ මානසික සාධක පදනම් කොටගෙන පෝෂණය වන ගැඹුරු විෂයකි. ආචාරධර්ම තුළින් පොදු සමාජ ජීවියෙකු ලෙස අනුල්ලංඝනීය කළ යුතු සමාජ සම්මතයන් පිළිබඳව අවධානය යොමු කොට ඇත. විද්වත් අවධානය මේ කෙරෙහි වඩාත් යොමු වී ඇත්තේ එහි ඇති වැදගත්කම නිසාවෙනි. ආචාරධර්ම යනු අපගේ මානුෂීය අත්දැකීම් වල පරම වටිනාකම් අතරින් එකක් පිළිබඳව අධ්‍යයනය කරනු ලබන්නකි. එනම් මනුෂ්‍යයා තුළ පවතින සාධුත්වය ක්‍රියා කිරීම නම් අංශය තුළින් පිළිඹිබු කෙරෙන්නේ මේ අධ්‍යයනයන් ය. -ආචාර්ය ජොන් මැනෝසි- ආචාරධර්ම සදාචා...

ජීවිතය දුටු මළගිය ඇත්තෝ

Image
මහාචාර්ය එදිරිවීර සරචිචන්ද්‍රයන් විසින් විරචිත මළගිය ඇත්තෝ නවකතාව වූ කලී සිංහල නවකතා සාහිත්‍යය නමැති මුතුවැලෙහි අගනා මුතුවක් වැන්න.එසේම මළගිය ඇත්තෝ නවකතාව ඔහුගේ සහජ කවීත්වයට මෙන්ම අපූර්ව පරිකල්පන හැකියාවටද කදිම නිදසුනකි. සරච්චන්ද්‍රයන් කතාව ආරම්භයේදීම තම තාව්‍යාත්මක භාෂා ශෛලිය උපයුක්ත කොට ගනිමින් ජීවිතය පිළිබඳ දාර්ශනික චින්තාවක් ද පළ කරමින් පුවේශ වේ. .. . ..ජීවිතය වියා හමාර කළ නොහැකි ව,එතැනින් මෙතනින් එල්ලෙන පත් ඉරු වලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කැබැල්ලකට සමානය. සැබවින්ම ජීවිතය යනු එයම නොවන්නෙහිද? කතාව විකාසනය වන්නේ අතීතාවර්ජනයක් ලෙසිනි.මළගිය ඇත්තෝ නවකතාව සඳහා සරත්චන්ද්‍රයෝ  වස්තු විෂය කරගනුයේ,දෙවොංදරා සං නමැති සිවුරු හළ චිත්‍ර ශිල්පියකු ලී කැටයම් කලාව උගෙනීම පිණිස ජපානයට ගිය කළ එහි විසූ නොරිකො සං නමැති තරුණය හා අතර ඇති කරගන්නා ප්‍රේම සබඳතාවත්,ඔවුන් අතර ඇති සංස්කෘතික ඝට්ටනය හේතුවෙන් දෙවොංදරා සං තුළ ඇති වන චෛතසික ඝට්ටනයයි. කතාව විකාසනය වනුයේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙනි. කැටයම් කලාව ඉගෙනීම සඳහා ජපානයට යන දෙවොංදරා සං ජපානයේ සෞන්දර්යෙන් වශීකෘතවෙයි.දෙවුන්දරා සං තුළ ඇති වූ මන...

මහගම සේකර නම් වූ 'මහා දාර්ශනිකයා'

Image
 'මහා දාර්ශනික' මහගම සේකරයන් මෙලොවින් සමුගෙන අදට  45 වසරකි . මෙම ලිපිය ඒ නිමිත්තෙනි 

සුමනෝ (ගීතයක් හා බැඳුණු කතාවක්)

Image
මේ කියන්න යන කතාව මීට දශක කිහිපයකට පෙර සිදු වුණු එකක්.. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ට ආසන්න කොහේ හෝ ගමක. හරියට ම ඒ ගමේ නම කියන්න නම් මා දන්නේ නැහැ. මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා ගුරුවරයෙක් ජීවත් වෙනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කියලා කිව්වට ඔහු ගමේ අය අතරේ වඩාත් ජනප්‍රිය වෙන්නේ ගමේ වෙදරාල, එහෙමත් නැතිනම් ගමේ ආයුර්වේද වෛද්‍යවරයා විදියට. මේ වෙදරාලට. බොහොම ලස්සනට කවි, ගීත ලියන්න සමත් පුතෙක් ඉන්නවා. ඔහුව අපි රං බණ්ඩා කියලා හඳුන්වමු.  වියළි කලාපයේ දුෂ්කර ගමක ජීවත් වුණත් මේ තරුණයා, ඉගෙන ගන්න බොහොම දක්ෂයි. ඒ හින්දා ම, උසස් පෙළ විභාගය ඉතා හොඳින්සමත් වෙලා, නීති පීඨයට ඇතුළත් වීමට ඔහු සුදුසුකම් ලබනවා. තමන්ගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගන්න, රන් බණ්ඩා තරුණයා ගමෙන් නික්මිලා කොළඹ එනවා.. තාරුණ්‍යය කියන්නේ, ජීවිතයේ සුන්දර ම අවධිය. තාරුණ්‍යයේ දොරකඩ හිටි රන් බණ්ඩා නම් කෙළිලොල් තරුණයාටත් ආදරයේ මිහිර දැනෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ පිට කෙනෙක් නෙවෙයි. ඔහුගේ ම ඇවැස්ස නෑනා.  පුංචි කාලයේ ඉඳන් ම එකට හැදුණු වැදුණු සුමනා ගැන ආදරයක් රන් බණ්ඩාගේ හිතේ මෝදු වුණේ ඔහුටත් නොදැනීම. ඇවැස්ස නෑනා මස්සි...

ශ්‍රි ලංකාවේ දේව සංකල්පයේ ආරම්භය හා විකාශනය

Image
     අන් කවරදාකටත් වඩා දේව විශ්වාස පිළිබඳව සමාජය තුළ විවිධ කථිකාවන් ඇතිව තිබේ. එක් කොටසක් දේව විශ්වාස පිටුපස අන්ධානුකරණයෙන් යුතුව ගමන් කරන අතර තවත් පිරිසක් දේව වන්දනය පිළිබඳව දැඩි ප්‍රශ්න කිරීමක් අරඹා ඇත. මේ අතර බුදු දහමේ මූලික ඉගැන්වීම් පවා අභියෝගයට ලක් කරමින් විවිධ මිථ්‍යාවන් බහුල ලෙස සමාජ ගත වීමද වත්මනේ දී දැකිය හැකිය.      ප්‍රාථමික මනුෂ්‍යයන් වශයෙන් ස්වාභාවදහම කෙරෙහි තිබූ කුතුහලය මෙන්ම බියද මූලික වශයෙන්ම දේව විශ්වාස හා ඇදහිලි කෙරෙහි මිනිසා යොමු වීමට මූලිකවම බලපා තිබේ. මෙය ලාංකිකයින් කෙරෙහිද පොදු ලක්ෂණයකි. ප්‍රාග් බෞද්ධ යුගයේ දී මෙරට විසූ ජනයා සතුවද එවැනි ඇදහීම් තිබූ බව ඉතිහාසය සාක්ෂි සපයයි. පණ්ඩුකාභය රජු විසින් ව්‍යාධ දෙවියන්ට බටහිර දොරටුව අසල තල්ගසක වෙසෙන්නට ඉඩදුන් බව හා පච්හමරාජිනී නම් දෙවඟන උදෙසා බටහිර දොරටුව අසල දේවාලයක් ඉදිකර දුන් බව මහා වංශයේ සඳහන්ව ඇත.       බුදු දහම මෙරට තුළ ස්ථාපිත වීමත් සමඟ එතෙක් පැවති දේව ඇදහිල්ලද වෙනස්කම් වලට ලක්වී තිබේ. බුදු දහමේ මූලික ඉගැන්වීම් තුළදී දේව වන්දනයට ඉඩක් නොවුන ද මෙරට තුළදී බුදු දහමේ ආගමනය ...

සුද්දොත් මට්ටු කළ මඩුවන්වෙල කළු කුමාරයා

Image
     වීර සිංහලයෙකුගේ අභිමානවත් නවාතැන්පල වූ මඩුවන්වෙල වලව්ව රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරලයේ මඩුවන්වෙල ග්‍රාමයේ පිහිටා තිබේ. මේ අභිමානවත් ස්මාරකය කොලොන්න පුරවරයට පමණක් නොව මුළු මහත් ජාතියටම අභිමානයකි. අතීත අභීත ගාම්භීර බව කියාපාන ලක්ෂණ මහා පුරුෂයෙකුගේ පහස ලැබූ එබිමෙහි අද ද දක්නට ලැබේ.      වර්ෂ 1844 සැප්තැම්බර් මස 11 වන දින ජන්මලාභය ලැබූ ''මඩුවන්වෙල විජයසුන්දර රාළහාමිගේ ශ්‍රිමත් ජේමිස් විලියම් මඩුවන්වෙල'' කුඩා කළ සිටම දඩබ්බර සෘජු ගතිගුණ වලින් යුතු එහෙත් මිනිසුන්ට බෙහෙවින් ආදරය කළ අයෙකු විය. එවකට මෙරට පාලනය කළ ඉංග්‍රිසින් අතර මෙන්ම ජනතාව අතර ද මෙතුමා ලංකාවේ කළු කුමාරයා ලෙස ප්‍රචලිත වීමට ද එම ගතිගුණ බලපා ඇත. උපතින් උත්තුංග දේහධාරියෙකු නොවුව ද උපතින්ම හිමි වූ තේජස් පෙනුමක් එතුමන් සතු විය. ඒ සියල්ලටම වඩා වීර ගති ඇති සිතක් සතුවූ මෙතුමා කොළොන්න කෝරලයේ මිනිසුන්ගේ ගැලවුම්කරුවා විය.      ඒ වන විට මෙරට පාලනය කළ ඉංග්‍රිසීන්ගේ විවිධ පීඩාවන්ට ලක්වෙමන් මෙරට ජනයාට දිවි ගෙවන්නට සිදුව තිබිණි. නමුත් තම පාලන ප්‍රදේශය වූ කොලොන්න කෝරලයේ දී සුද්දන්ගේ අණසක ක්‍...

මුල් ගුරුතුමා වෙතටයි

Image
මුල් ගුරුතුමනි,      මගේ පුතාට කියා දෙන්න හැම මනුෂ්‍යකුම සත්‍යවාදී සහ සර්ව සාධාරණ නොවන බව. මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න. නමුත් කියාදෙන්න මගේ පුතාට හැම තක්කඩියකු දුර්ජනයකු පාසාම ගුණ යහපත් විරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඒ කියන්නේ හැම දෙනාම තක්කඩියන් නොවේ. තක්කඩියන් වගේම යහපත් උදවියත් සිටින බව මගේ පුතාට උගන්වන්න. සෑම ආත්මාර්ථකාමී දේශපාලනඥයකු වෙනුවටම රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලනඥයකුත්  ඉන්නා  බව මගේ පුතාට ඒත්තු ගන්වන්න.      සෑම සතුරෙකු පාසාම මිතුරකුත් සිටිනා බව මගේ පුතාට කියාදෙන්න. ඒ වාගේම කියාදෙන්න නොමිලයේ කාගෙන් හරි කොහෙන් හරි ලැබෙන  ඩොලර් පහට වැඩිය තමාගේ දහඩියය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමින් වැඩි බව. ඒ බව ඔහුට ඒත්තු ගැන්වීමට කලක් ගතවන්න පුලුවන් බව මා දන්නවා. නමුත් එම සත්‍යය ඔහුට උගන්වන්න.      පරාජය විද දරා ගැනීමටත් ජයග්‍රහණය නිහතමානීව සතුටින් බුක්ති විදීමටත් මගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහු යටපත් කරන්නට ඈත් කරන්නට ක්‍රියා කරන විට ඒවා ගැන කලකිරෙන්නේ නැතිව සන්සුන්ව සිටිමින් සිත යටින් සිනාසෙන්නට හැකි...
Image
 2021 නව වසරට ලෝ වැසි සියල්ලෝම පා තබන්නේ අභියෝග රැසක් මැදය.  covid 19  සමස්ථ මානව වර්ගයාම අභියෝගයට ලක් කරමින් සිටින මොහොතකය. එහෙත් අප කිසිවිටෙක අධෛරමත් විය යුතු නැත. අප සිටින මේ මොහොත තෙක් මානවයා ගමන් කලේ අභියෝග රැසක් මැදය.  2020 වසර අප පසු කලේ අසීරුවෙනි. අප සියල්ලන්ම එක් තැනක නතරවී ඇතැයි විටෙක සිතෙන තරමටම සෙමින් අසීරුවෙන් අප 2020 පසු කල බව සැබෑය. ඒ සියලු අසීරුතා අනාගත ජයග්රහණයට ශක්තිමත් අඩිතාලමක් කර ගැනීමට අපට නිතැතින්ම හැකිවනු ඇත.  2021 නව වසරේ අප සියල්ලන්ගේම පැතුම විය යුත්තේ ''ලොවම සුවපත් වන නව වසරක් වේවා '' යනුවෙනි. මන්ද සියලු සැපයන්ට වඩා නිරෝගිකම උතුම්ම සැපය වන බැවිනි. ඉතින් ඔබ සැමට නිරෝගිමත්, සුවපත් නව වසරක්  

එක රටක් - එක නීතියක් කියන්නේ මොකක්ද ?

Image
 ''එක රටක් - එක නීතියක්'' පසුගිය කාලයේ මෙරට සමාජය තුළ දේශපාලන පොරොන්දුවක් බවට පත්වූ එහෙත් තවමත් යථාර්ථයක් නොවුණු, මිනිසුන්ගේ අපේක්ෂාවකි. රටක්, සමාජයක්, මිනිස් ප්‍රජාවක් පාලනය කරනු ලැබීම සදහා උපකාරී වන්නේ නීතියයි. රටක මුලික නිතිය ව්‍යවස්ථාව ලෙස දැක්විය හැකිය. නිතිය යන්න විවිධාකාරයෙන් විවරණයට විචාරයට බදුන් වූ මාතෘකාවකි. “නීතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ඵලය වේ.” - ග්‍රීක මහා දාර්ශණික ඇරිස්ටොටල් “නීතිය යනු ස්වාධ්පතිගේ ආඥාවයි “  - ජොන් මස්ටින් “නීතිය යනු ප්‍රජා විමක උපකරණයකි ”  - කාල් මාක්ස් නිතිය යනු එක් රැයකින් බිහි වුවක් නොව දිගු ඉතිහාසයක් තුළ සිදු වූ ක්‍රමික විකාශනයක ප්‍රතිපලයකි. නිතිය ඉදිරියේ සියල්ලෝම එක සමානයන්ය යනු අප රටේ ව්‍යවස්ථාව තුළින්ම තහවුරු කොට ඇති අයිතිවාසිකමකි. එනම් දුප්පත්  - පෝසත්, කළු - සුදු, ජාති - ආගම්, දේශපාලන  මේ කිසිදු බේදයකින් තොරව නිතිය ඉදිරියේ  සියලු දෙනාම සමානයන් බවට පත් විය යුතුය.  නිතිය සැමට සමානද ? කුසගින්නට  අඹ ගෙඩි කිහිපයක් කැඩූ මවකගේ කතාව ඔබට අමතක විය නොහැක  පාසැලේ තීන්ත ගෑමට මුදල් ලබා දීමට පොල්ගෙඩි කිහිප...

යාචකයා සහ ගුරුවරයා

Image
  යාචකයා සහ ගුරුවරයා  - පාවුලෝ කොයියෝ  නගරයේ දැවැන්ත බෙිකරි හිමියෙකුට එම  නගරයේම සිටින මහා විදුහලක විදුහල්පති හදුනාගැනීමට අවශ්‍ය නිසා  ඔහුට රාත්‍රී කෑමට ආරාධනා කළේය. ඊට පෙර දිනක මෙි විදුහල්පතිවරයා යට කී බෙිකරියේ ප්‍රදර්ශනාගාරයෙන් බනිස් එකක් ගෙන අනුභව කරන යාචකයෙකු දුටු බෙිකරි හිමියා යාචකයාව පාරට ඇද දමනු හොදින් දුටුවෙිය.  පසුදා විදුහල්පතිවරයා තම ගෝලයෙකුත් සමග   බේකරි හිමියාගේ මන්දිරයට ගොස් විශිෂ්ට පන්නයේ භෝජන සංග්‍රහයකට සහභාගි විය. ආහාර ගන්නා අතරතුර ගෝලයා විදුහල්පතිගෙන් මෙසේ ඇසුවෙිය. ‘‘ සර් යමි කෙනෙක්  හොඳ මිනිසෙකු හා නරක මිනිසෙකු ගැන පවසන්නේ කෙසේද?‘‘ ‘‘ පුතා මෙි බෙිකරිහිමියා දෙස බලන්න ඔහු මා වෙනුවෙන් රු දස දහසක් පමණ වියදමි කර අනර්ඝ භොඡන සංග්‍රහයක් පවත්වයි. නමුත් කුසගින්නෙන් පෙළෙන හිඟන්නෙකුගේ සාගින්දර නිවීම උදෙසා  පාන් කැබැල්ලක් දීමට ඔහුට නොහැකිය'' thanks to - Upali Jayasinghe photo - www.istockphoto.com

'මට බෑ හොරෙක් වෙන්න - මොකටද මම හොරෙක් වෙන්නෙ ?

Image
  බැහැපන් මහ පොළොවට මිනිසුන් මැද මිනිසෙක් වී ඉවත් කර හිතේ ඇති මෙලෙක් ගති පුරවපන් පලක් ඇති මිනිස් ගුන' 'අනු බඳු ගනු කොටව තල මර බලා නොසිටව, 'දෙවියනි මේ කියන්නේ......' 'කොහේ ඉන්න දෙවි කෙනෙක්ද ? දෙවියො තමයි අවිද් ‍ යාව දෙවියෙක් ඉන්නව නම් උඩු ගුවනේ උඹටත් පෙනෙන්නට ඇති මෙච්චර කල් උඹ හිටියෙත් උඩු ගුවනේ බැහැපන් මහ පොළොවට හොරකම්-ජාවාරම් පුරුදු වෙයන්' 'මට බෑ හොරෙක් වෙන්න මොකටද මම හොරෙක් වෙන්නෙ ? මා ළඟ ඇත කවියක් - ආදරයක් වටිනාකම නිම් හිම් නැති' 'මෝඩයා ! මහ පොළොවට ඕවා අවලංගුයි කවියේ වටිනාකම තුට්ටු දෙකයි ආදරයක් (මස් ලේ ඇති) සිලිං තුනයි...සිලිං පහයි...සිලිං හතයි... එක එක ගනන් වලට' 'මම කියන්නෙ ඒක නෙවෙයි හදවතින්.......' 'හදවතින් විතරක්ද ? එහෙනම් ගොනෝ ! ඒක අරිටත් වැඩියෙන් ලාබයි මේ බලපන් ලෝකය....' "හෙට ඉරක් පායයි" -මහගමසේකර-

ජීවිතය කියන්නෙ අහම්බයක්

Image
නයිජීරියාවේ ඡායාරූප ශිල්පියෙක් හිටියා බෙලෝ (Bello) කියලා. ඔහු ලාගොස් වල එක් අපූරු විදිහකට ඡායාරූපයක් ගන්නවා. අරමුණ තමයි ප් ‍ රසිද්ධ රැප් ගායක මිනි ටෙම්ප්ව ඡායාරූපයට ගන්න එක. Bello ඒ දේ හරි විදිහට කරනවා. ඒ ඡායාරූපයට අහම්බෙන් වීදිය දිගේ පාන් විකුණන ගැහැණු ළමයෙක් හසු වෙනවා. ඒක හරිම අහම්බයක්. මිනි ටෙම්ප් ගේ ඡායාරූපය ඊට පසු සතියේ ප් ‍ රධාන පුවත්පතක පල වෙනවා. ඡායාරූපය දකින හැමෝම බෙලෝ ගෙන් හරි අපූරු ප් ‍ රශ්නයක් අහනවා. “ඔබ හරිම දක්ෂයෙක්. පිටුපස්සේ ඉන්න පාන් විකුණන ගැහැණු ළමයෙක් ඔතනට ගැලපෙනවා කියලා කොහොමද හිතුවේ?” බෙලෝ කියනවා ඒක හරිම අහම්බයක් කියලා. අවසානයේ මොකද දන්නවාද වෙන්නේ? ඇමෙරිකාවේ ප් ‍ රධාන මොඩ්ලින් ආයතනයක් මෙන්න මේ නයිජීරියානු කළු කෙල්ල සොයාගෙන යනවා. ඇය අද ඩොලර් මිලියන ගාණක් වටිනාකමක් තියන නිරූපිකාවක්. පාන් විකුණපු Olajumoke Orisaguna කියන ගැහැණු ළමයෙකුගේ මුළු ජීවිතයම හරි අපූරු අහම්බයක් නිසා වෙනස් වෙනවා. මතකද අපි අර පුංචි කාලේ අහපු රත්තරන් පොරවේ කතාව. ගස් කපන මනුස්සයෙක් යනවා ගසක් කපන්න කැලේට. ගහ කප කප ඉන්න කොට පොරව වැටෙන්නේ ගඟට. ගඟ දිහා බලාගෙන කඳුළු පෙර පෙර අඬන මනුස්සයා දකින රුක් දෙවි...